I ගයාන් ගාල්ලගේ
ඉතා වැඩි මුදලකට වකුගඩු විකිණීමේ මහා ජාවාරමක් පිළිබඳව බුද්ධි අංශ විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එක්තරා වෛද්‍යවරුන් කිහිප දෙනෙකු සහ කුඩා ප්‍රමාණයෙන් පවත්වාගෙන යන පෞද්ගලික රෝහල් කීපයකම මෙය සිදුවන බවට තොරතුරු ලැබී ඇත.
යාපනය, මීගමුව, කොළඹ යන ප්‍රදේශ තුළ මෙය සිදුවන බවත් එම ජාවාරමේ තැරැව්කරුවන් කිහිප දෙනකු මේ වනවිට හඳුනා ගෙන ඇති බවත් සඳහන් වේ.
එක් වකුගඩුවක් මිලියන 3 දක්වා මුදලකට විකුණන බවත් ඇතැම් අවස්ථාවල දුර්වල වකුගඩු පවා ලබාදී ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබේ.